මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අවුරුදු 80 කට පමණ පෙර සිට ආරම්භ කල දරු දැරියන් සිය දහස් ගණනකගේ දෑස් පෑදු පාසලකි.
වත්තේගම අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛ පාසලක් බවට පත්වීම.
අප වෙත එන දූ දරුවන් ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ උදාර කාර්යයට උරදීමවස් ඉගෙනුම්, ඉගැන්වීම්, බාහිර ක්‍රියාකාරකම් තුලින් බොදු සාරධර්ම මත ගොඩනැගුණු දැනුම, ආකල්ප, කුසලතාවන්ගෙන් පිරිපුන් පරිසර හිතකාමී තරුණ පරපුරක් බවට පත්කිරීම අපගේ මෙහෙවර වන්නේය.