කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වර්ෂ 1943 දී ඒ.එස්.ජිනදාස මහතා විසින් ඇටිකෙලහින්න ඉඩමෙන් පරිත්‍යාග කල අක්කර 1 1/2 ක ඉඩම තුල ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් පාසල ආරම්භ කරන ලදී.1944 වර්ෂයේදී පාසල ලියාපදිංචි කර ඇති අතර සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදුකරන ලදී.සිසුන් 17 දෙනෙකුගෙන් සමන්විත වූ පාසලේ ආරම්භක විදුහල්පති ලෙස ඩී.එම්. වයිමන්සඤ්ඤෝ මහතා කටයුතු කරන ලද අතර ගුරු මණ්ඩලයේ සාමාජිකයින් ගණන 04 කි.
1944 වර්ෂයේ ප්‍රථම ගොඩනැගිල්ල ඉදිවිය. වර්ෂ 1950 දී ගුරු මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව 06ක් ලෙසද ශිෂ්‍ය සංඛ්‍යාව 285ක් දක්වා ද වර්ධනය විය.එමෙන්ම 1955 වර්ෂයේදී ගුරු මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව 13ක් ද ශිෂ්‍ය සංඛ්‍යාව 427ක් ද විය.මේ වන විට ස්ථීර ගොඩනැගිල්ලක් හා ගුරු නිවාසයක් පාසලට ලැබී ඇත.1956 වර්ෂයේදී සීනියර් පාසලක් බවට පත්විය. එමෙන්ම 1958 වර්ෂයේදී කාර්මික අංශය පාසලේ ආරම්භ කරන ලද අතර විද්‍යාගාර ඒකකය ගොඩනගන ලදී.1964 වර්ෂයේදී කලා, විද්‍යා, වාණිජ අංශවලට බෙදුන අධ්‍යාපනය ආරම්භ විය.1969 ගෘහවිද්‍යා අංශය ආරම්භ වීම හා මහා විද්‍යාලයක් බවට පත්විය.එමෙන්ම කාර්යාලය හා පුස්තකාලය සදහා තවත් ගොඩනැගිල්ලක් ඉදිවිය.1977 වර්ෂයේ තවත් ගොඩනැගිල්ලක් ඉදිවීමත් 2..4 වර්ෂයේ දෙමහල් ගොඩනැගිල්ලේ පහත මාලය ඉදිකර ඇත.1944 සිට මේ දක්වා විද්‍යාලයේ මානව සම්පත් හා භෞතික සම්පත් වර්ධනය වී ඇති අතර රජයේ විවිධ ආයතනවල ඉහළ නිලධාරීන් පිරිසක් හා සම්පත් පුද්ගලයින් පිරිසක් බිහිකිරීමට හැකිවී ඇත.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 24ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 06කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "වත්තේගම අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛ පාසලක් බවට පත්වීම" යන දැක්ම අනුව යමින් වත්තේගම කලාපයේ හා ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1943 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
04 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
17 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී. එම්. වයිමන්සඤ්ඤෝ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඒ.එස්.ජිනදාස මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මප/වත්/ ලුණුකැටියාමඩිත්ත මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩී. එම්. වයිමන්සඤ්ඤෝ මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1944 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ඒ.එස්.ජිනදාස මහතා පරිත්‍යාග කල ඇටිකෙලහින්න ඉඩමේ |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1943 |






